ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය


Image

ධර්මයයි ඔබයි පුණ්‍යභාරය යනු ජේතවනාරාම වන සෙනසුනෙහි කටයුතු සඳහා පරිත්‍යාග කල අරමුදල් කළමනාකරණය සඳහා පිහිටුවා ගන්නා ලද ලාභ නොලබන සංවිධානයකි.එය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පනවන ලද විනය නීති උල්ලංගනය කිරීම ඇති අවස්ථා මගහරවමින් දායක ප්‍රජාවගෙන් ලද අරමුදල් නිසිආකාරයෙන් භාවිතා කිරීම උදෙසා නිර්මාණය කරගන්නා ලද අතර දායක පරිත්‍යාගයන් හැර වෙනත් කිසිදු මුල්‍ය ගනුදෙනුවන් මේ හරහා සිදු නොවේ.

සංඝ සභාවක් විසින් මෙහි සාමාජිකයන් තෝරාපත් කරගනු ලබන අතර සංඝයාගේ මූලික අවශ්‍යතා සපුරනු වස් මෙහි මුදල් පරිහරණය කිරීම් සිදු කරනු ලබයි.