ලොව පුරා ධර්මය ප්‍රචාරය කිරීම

එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, කැනඩාව, ඉතාලිය, කටාර්, ඩුබායි, කෙන්යාව, කොරියාව සහ ජපානය වැනි බොහෝ රටවල් පුරා විසිරී සිටින අප දායක දායිකාවන් තම අධ්‍යාත්මික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිරන්තරයෙන් ආරාමය හා සහසම්බන්ධ වී කටයුතු කරති. දිනෙන් දින වර්ධනය වන දායක පිරිසට නොඅඩුව ධර්මයෙන් සංග්‍රහ කිරීමට අප බැදී සිටින්නෙමු. 

අපගේ ප්‍රථම ජාත්‍යන්තර මධ්‍යස්ථානය 2022 දී ඕස්ට්‍රේලියාවේ විවෘත කරන ලදී. එහි වැඩ වසන අපගේ නේවාසික භික්ෂූන් වහන්සේලා, වැඩිහිටියන් සහ ළමුන් සඳහා සෘතුමය නේවාසික භාවනා වැඩසටහන් ඇතුළුව පුළුල් ක්‍රියාකාරකම් මාලාවක්  ක්‍රියාත්මක කරති. එමෙන්ම, පළාත් පාලන ආයතන සහ පුණ්‍ය ආයතන සමඟ අත්වැල් බැදගනිමින්  රට පුරා සංවිධානය කරන විශේෂ වැඩසටහන් හරහා, ජීවිත ගමනේ විවිධ අවැඩ අසාධාරණයට ලක් වූවන්,මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ සිරකරුවන් ඇතුළු සමාජයේ බොහෝ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට අපි සහාය දෙමු.

--- වැඩි විස්තර දැන ගැනීමට පුන්‍යභාරය සමග සම්බන්ධ වන්න (077 333 6274 )  ---

DWW