ශ්‍රමදානයන්

පරිත්‍යාගශීලිවීම සෑම බෞද්ධයෙක් තුලම තිබිය යුතු  උතුම් ගුණාංගයකි. අපගේ  ආරාමයට සම්බන්ධ සීල ශ්‍රාවක ප්‍රජාව තම කාලය, ශ්‍රමය සහ සම්පත් හුදී ජනයාගේ යහපත වෙනුවෙන් කැප කරන ආදර්ශමත් වැඩිහිටියන් සඳහා වනකදිම නිදසුන්ය. ඔවුන් විසින් සිදුකරන ලද ශ්‍රමදානය වනාහී දයානුකම්පාව, කරුණාව, ත්‍යාගශීලී බව සහ ධනාත්මක පෙලබවීම් ඇති කරන වැඩසටහනක් බව ප්‍රත්‍යක්ෂ්‍ය වනුයේ ප්‍රදේශවාසීන්ගේ නොමද සහය හා ඇගයීම ඒ සදහා ලද නියාවෙනි.

මෙම ශ්‍රමදානය සදහා ප්‍රධාන නගරයේ සිට ආරාමය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය පිරිසිදු කිරීම, අලුත්වැඩියා කිරීම සහ අලංකාර කිරීම ඇතුළත් වේ. එයට අමතරව ආරාමයට ගමන් කිරීමේදී  විය හැකි උපද්‍රව වළක්වා ගැනීමට රියදුරන්ට සහාය වීම සඳහා වීදි කොනවල උත්තල දර්පණ එක් කිරීමෙන් ඔවුන් මෙය ශ්‍රමදානයකට ඔබ්බෙන් විහිදී ගියා වූ ක්‍රියාවක් ලෙස තවත් පියවරක් ඉදිරියට තැබීය.ඔවුන්ගේ මෙම  පරාර්ථකාමී සේවය සමස්ත ප්‍රජාව කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සමත් වූ අතර ඒ සඳහා ඔවුන් දරන උත්සාහය  අප සැවොම අගය කළ යුතුය.

IMG 20231105 113641
IMG 20231105 110439
IMG 20231105 113426
IMG 20231105 113753
IMG 20231105 113903
IMG 20231105 114016
IMG 20231105 114321
IMG 20231105 114115
IMG 20231105 114345
IMG 20231105 114511
IMG 20231105 114527
IMG 20231105 114731
IMG 20231105 120242
IMG 20231105 120822
IMG 20231105 121002 Copy
IMG 20231105 121043
IMG 20231105 121105
IMG 20231105 121108
IMG 20231105 122312