මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය

ඉතා ඵලදායි සහ ප්‍රායෝගික බෞද්ධ උපදේශන පදනම් කරගත් තිරසාර පුනරුත්ථාපන සේවාවක් සපයන අප ආරාමය හා අනුබද්ධ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය සියලු සේවාදායකයින්ට මත්ද්‍රව්‍ය වලින් නිදහස්වු , තෘප්තිමත් සහ ප්‍රතිලාභදායක ජීවිතයක් විශ්වාසයෙන් යුතුව තෝරා ගැනීමට අවශ්‍ය මානසික පසුබිම සකස් කරයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් අධ්‍යාපනික, වෘත්තීය සහ පුද්ගල සංවර්ධනය අඩාල වී ඇති අපගේ සේවාලාභීන්ට තම අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට, වෘත්තීය නිපුණතා ලබා ගැනීමට සහ නැවත රැකියා වෙළඳපොළට ගොස් ලාභදායි රැකියාවක නියැලීමට සහ ජාතික ආර්ථිකයට ඵලදායී ලෙස දායක වීමට අපගේ වැඩසටහන උපකාරී වේ. එමෙන්ම, අප මධ්‍යස්ථානය පුනරුත්ථාපනය වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ටද මත්ද්‍රව්‍ය භාවිතය නිසා මුහුණ පෑමට සිදුවන අහිතකර සමාජීය බලපෑමෙන් ගොඩ ඒම සඳහා පුළුල් සහයෝගයක් ලබා දීමට කටයුතු කරයි.

Rehab