අපගේ අරමුණ

විශිෂ්ට අනාගතයක් ගොඩනගා ඇත්තේ ආදරය සහ සැලකිල්ලෙනි


Image

2017 වර්ෂයේ සිට ආරම්භ කල ජේතවනාරාම වන සෙනසුන සැනසීම, නිවීම අරමුණු කොට පැමිණෙන, ජිවිතයේ විවිධාකාර පරිච්ජේදයන් ගත කල පුද්ගලයන්ගෙන් සමන්විත නිස්කලංක පරාදීසයකි. දෙදහකට අධික දේශීය විදේශීය දායක පිරිසක් සතිපතා ආරාමයට පැමිණෙන අතර ඒ පිරිස් සඳහා විශේෂිත වැඩසටහන් රාශියක් අප ආරාමය තුල ක්‍රියාත්මක වේ.

ආරාමයේ සියයකට අධික ස්වාමීන් වහන්සේලා හා ඒ හා සමාන ශිෂ්‍ය අනගාරික මහතුන්ද  නේවාසිකව  රැදී සිටිමින් දහම් මඟ වඩන අනගාරිකා මහත්මීන් පිරිසක්  ලෝක සත්වයාගේ යහපත පිණිස දහම් මගෙහි  ගමන් කරනු ලබයි. ලොව පුරා දහස් ගණන් වෙසෙන මනුෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් අප ආරාමයේ දියත් කෙරෙන අනේකවිධි සමාජ සුභසාධන වැඩසටහන් මගින් සුවපත් වන සිත් සංඛ්‍යාව අතිමහත්ය.

 

නිවන් දැකීමේ උතුම් පරමාර්ථය යටතේ තම ජිවිතයම සාසනයට කැප කල අප එකිනෙකා සමග අන්තර් සහයෝගීතාවයෙන් යුක්තව කටයුතු කරනු ලබයි.ඒ අනුව ලොව පුරා වෙසෙන මිනිස් සත්වයා කෙරෙහි අමිල සේවාවක් ඉටු කිරීමට අප නොපැකිලිව කටයුතු කරන්නේ තථාගතයන් වහන්සේ ඉදිරියේ සපථ වූ පොරොන්දුව නිසාවෙනි.

අපගේ දැක්ම යථාර්තයක් බවට පත්වන්නේ අප හා සමඟ සහයෝගයෙන් කටයුතු කරන පාර්ශවයන්ගෙන් ලැබෙන සුහදත්වය හේතුවෙනි.ලෝකයේ වෙසෙන හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා වඩ වඩාත් කටයුතු කරන අප අපගේ උත්තරීතර අරමුණ සාක්ෂාත් කරගැනීමේ ගමන් මගෙහි සාක්ෂිකරුවෙක් වීමට ඔබට ඇරයුම් කරමු.

Image

තත්වය

විශාල අනාගතයක් ගොඩනඟා ඇත්තේ ආදරය සහ සැලකිල්ලෙනි


භික්ෂූන් වහන්සේලා
130+
භික්ෂූන් වහන්සේලා
150+
අනගාරික
අනගාරික
අනගාරිකා
90+
අනගාරිකා
150+
සීල ශ්‍රාවක
සීල ශ්‍රාවක
සීල ශ්‍රාවිකා
150+
සීල ශ්‍රාවිකා
250+
සීල උවැසි
සීල උවැසි
Noble Hearts
60+
Noble Hearts