අනගාරික/අනගාරිකා වැඩසටහන

යමෙකුට නිවන් දැකීමට කොතරම් අභිලාශයක් තිබේද එතරම් විර්යයක්ද ඔහු සතුව පවතී. ඒ අනුව නිවන් දැකීමේ උතුම් පරමාර්ථයකින් යුතු පුද්ගලයෙකු නිවන අධිෂ්ඨානයෙන් යුතුව ජේතවනාරාමය පැමිණි විට අපගේ අනගාරික/අනගාරිකා වැඩසටහනයට යොමු කරනු ලබයි.

පුද්ගලයෙකු ධර්මාවබෝධයට පත්වීම සිදු වන්නේ කාලයට සමානුපාතිකවය. ඒ අනුව අනගාරික වැඩසටහන වසර දෙකක නේවාසික වැඩසටහනක් වන අතර ඒ කාලය තුලදී ගුරුවර හිමිනමකගේ අධීක්ෂණය යටතේ ආර්ය මාර්ගය පුහුණු කරයි.එම කාලසීමාව තුලදී පැවිද්ද සදහා අවශ්‍ය ධර්ම හා විනය කොටස් පිළිබද අවශ්‍ය දැනුම හා පුහුණුවීම් ලබා දේ.

කාන්තා අනගාරිකාවන්  ප්‍රධාන ආරාමයෙන් මදක් ඔබ්බෙන් පිහිටියා වූ ආරාමය ආශ්‍රිතව ධම්මානුධම්ම ප්‍රතිපදාව පුරනු ලබයි.

--- වැඩි විස්තර දැන ගැනීමට පුන්‍යභාරය සමග සම්බන්ධ වන්න (077 333 6274 )  ---

DSC6877
DSC3522