භාවනා වැඩසටහන්

අපගේ නේවාසික විපස්සනා භාවනා වැඩසටහන් සැලසුම් කර ඇත්තේ අප හා සම්බන්ධ වී කටයුතු කරන, නමුත් විවිධාකාර වගකීම් හා යුතුකම් මධ්‍යයේ දිවි ගෙවන වෘත්තිකයන්ට තම තීක්ෂ්ණ බුද්ධිය වර්ධනය කර ගැනීම සඳහා පරිපූර්ණ පරිසරයක් ලගා කර දීම සඳහා ය. එදිනෙදා ගතකරන කාර්යබහුල ජීවිතයේ සැනසීම ලගා කරගැනීම වස් ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑර සිට අප වෙත පැමිණෙන සියලු දෙනා හට යහපත සැලසීමට හැකි වන පරිදි වැඩසටහන් පෙළගැස්වීමට අප උපරිමයෙන්ම උත්සාහ කරන්නෙමු. 

සන්සුන් වනාන්තර සහ භාවනාවට උචිත සිත් ඇදගන්නාසුළු වට පරිසරය අප වැඩසටහන් සාර්ථක කර ගැනීමට අවශ්‍ය   පරිපූර්ණ සාමකාමී වාතාවරණයක් නිර්මාණය කරයි. සෑම තරාතිරමකම වෘත්තිකයන් අප සාදරයෙන් පිළිගනු ලබන අතර, වැඩසටහන පුරාවට ඔවුන්ට මග පෙන්වීම සඳහා ඒ වෙනුවෙන්ම කැපවූ සහ පළපුරුදු ගුරු හිමිනමක් පත්කරනු ලැබේ. අපගේ භාවනා වැඩසටහන් සදහා ඉතා ඉහළ ඉල්ලුමක් ඇති අතර සම්බන්ධ වීමට කැමති පුද්ගලයන් මාස කිහිපයකට පෙරාතුව තම අසුන වෙන්කරවා ගනී.

ආරාමයේ දැනට කෙරීගෙන යන අලුත් වැඩියා කටයුතු හේතුවෙන් දැනට මේම වැඩසටහන තාවකාලිකව නවතා ඇත.