දක්ඛිණෙයියෝ

මෙම සුවිශේෂී පුණ්‍යකර්මය ආරම්භ කරනු ලැබුවේ සංඝාවාසයේ භික්ෂූන් වහන්සේලාගේ ශත සංවත්සර සන්ධිස්ථානයට පැමිණීමත් සමඟය. දෙසතියකට වරක් පැවැත්වෙන මෙම පින්කම නිසා සියයකට අධික ආර්ය මහා සංඝරත්නයට දානය පිළිගැන්වීමට ඉඩ ප්‍රස්තාව ලැබෙන අතර උන්වහන්සේලාගෙන්  ආශිර්වාද ලබා ගැනීමේ දුර්ලභ අවස්ථාව සැදැහැවතුන්ට හිමිවේ. තෙරුවන්ගේ අනන්ත අප්‍රමාන ගුණයන් උදෙසා  සංවිධානය  වූ විශේෂ පෙරහැරක් (පෙරහර), ශතාධික සංඝ ගත දක්ෂිනාවක් සහ තවත් බොහෝ විශේෂ පින්කම් වලින් මෙම උත්සවය සමන්විත වේ.

DSC8843
1
DSC8851
5 1

කල්ප ගණන් නිරා දුක් විඳිමින් පිනක් දහමක් කර කියා ගන්නට නොහැකි ව, දානයක් මානයක් පූජා කර ගන්නට නොහැකි ව කෙතරම් නම් කාලයක් අපි දුක් වින්දෙමු ද? එවන් වූ දුක්ඛිත බවින් අතමිදී ඔබත් මමත් අද මේ පා තබා තිබෙනුයේ, එදා තථාගතයන් වහන්සේ ජීවමාන ව වැඩ හුන් කාලය නැවත වතාවක් විදහා දක්වමින් සම්බුද්ධ ශාසනයත්,නිර්මල සද්ධර්මයත් ලෝකයට මතු වී තිබෙන ස්වර්ණමය යුගයක බව මනා කොට ප්‍රත්‍යක්ෂ වී හමාර ය.

දන් දෙන්න, සිල් ගන්න, ගුණ වඩමින් මෙත පතුරවන්න, හිතෙන හිතක් යනු, මෙලොව පවතින හිත්වලින් ඉතා දියුණු හිතකි. එසේ නම් එවන් වූ හැඟීම් ඇති හිත් සියයකට අධික වූ සංඛ්‍යාවක් පවතින අවස්ථාවක් යනු, මොනතරම් නම් ශ්‍රේෂ්ඨ අවස්ථාවක් වන්නේ ද? එවන් වූ ශ්‍රේෂ්ඨ ආර්ය උතුමන් වහන්සේලා සියයකට අධික පිරිසක්  ද, අනගාරික මහත්වරු, අනගාරිකා මහත්මීන් සියයකට ආසන්න පිරිසක් ද, දස දහසක් සක්වළ පුරාවට දම් ඝෝෂා හඬ පතුරවමින් වැයෙන මඟුල් බෙර තූර්යනාද මධ්‍යයේ දහම් ආවරණය විදහා දක්වමින් සුදු මුතුකුඩ යටින්, පාවඩ මතින් ගුරු අඩි පාරේ අඩියට අඩිය තබා ගෙන මංමුලාවෙන් අත මිදෙන්නට මග නොවැටී රැකෙන්නට අධිෂ්ඨාන තබමින් දක්ඛිණෙය්‍යෝ පංචානිසංස මහා පූජාවට සම්බන්ධ වන්නෝය. එපමණක් නොව, සිව්මග ධර්මායතනයේ දරු දැරියන් ද, නොර්බල් හාර්ට් හි දරුවන් ද එකතුව මහත් වූ ශාන්ත ලීලාවෙන් ධර්ම ශාලා පරිශ්‍රයට වඩින අපේ ආර්ය මහාසංඝරත්නය, දස දහස් ගණනක් මිනිසුන්ගේ සිත් නෙත් තුටු කඳුලින් තෙමාලමින් පොහෝ දිනයේත් දෙවෙනි ශානිදාවේත් යන දිනයන්හි  ජේතවනාරාම විහාරයේ දී මංගල ශතාධික සංඝගත දක්ෂිණාව පැවැත්වෙනු ලැබේ.

ආයු, වර්ණ, සැප, බල, පටිභාන ඥාන යන පංච ආනිසංසය ම හිතට කැන්දන මේ පුණ්‍ය මහෝත්සවයට සම්බන්ධ වීමට, ප්‍රධාන දායකත්වය දැරිමට මෙන්ම නිර්මාණශීලි ලෙස පිං කරගැනීමට ද පින්වත් ඔබට අවස්ථාව සැලසෙනු ඇත.

DSC1522
DSC8846
DSC8864
7
6
8
27
DSC 0059
SASA
13.1
18
14

දෙපසකින් ම අසමසමවීම යනු,  අතිදුර්ලභ කාරණාවකි. ලෞකික වූත්, ලෝකෝත්තර වූත්, පූජා කළ හැකි උත්තරීතර දානයකි මේ. එවන් වූ මහත්ඵල මහානිසංසය ගෙන දෙන අති දුර්ලභ මහා පින්කමට තවත් අරුතක් එක් කරමින් අංග එකසිය අටකින් සමන්විත සුවිසුද්ධ සම්බුද්ධ ගුණ උපහාර පූජාව දෝලා මස්තකයේ තැන්පත්කොට උඩුවියන් පාවඩ මැදින් දහස් සංඛ්‍යාත ජනතාවගේ සිත් තුලට බුදුන් වඩම්මවමින් දෝතින් දරාගත් විවිධ වූ පූජා පෙරහරින් මනාකොට සකස් කරන ලද බුද්ධ ආසනය මතට වැඩම කරවන තවත් එක් පුණ්‍යවන්ත අවස්ථාවකි. එපමණක් නොව සම්බුද්ධ පූජාව පැවැත්විම, වීතරාගී වීතදෝෂි විතමෝහී ගුණ දරමින් පිණ්ඩපාතය සඳහා වඩින අර්යමහා සංඝ රත්නය විෂයෙහි දන් පැන් පූජා කිරීම, පාත්‍රා ධාතුන් පිරිසිදු කිරිම, අෂ්ට පරිෂ්කාර, සෙසු පරිෂ්කාර පූජාවන් සිදු කර නගා ගත් මහා පුණ්‍ය ශක්තිය අවසානයේ සංසාර ණය ගණුදෙණු පියවෙමින් ලෝක සත්වයාගේ යහපත පිණිස සිදු කෙරෙන මුක්තානුමෝදනා පුණ්‍යානුමෝදනා පිංකමට ද පින්වත් ඔබට අවස්ථාව සැළසෙනු ඇත.

මෙත් සිත පෙර දැඩිකොට සියලු දෙනාගේ හිත සුව පිණිස අර්ථයෙන් ධර්මයෙන්  සිදුකෙරෙන ගුරු ස්වාමින්වහන්සේගේ අනුශාසනාව  සිදු කොට අවසානයේ විහිදුවා පතුරුවන මෙත්තශිර්වාදයෙන්  දක්ඛිණෙය්‍යෝ පංචානිසංස මහා පූජාව නිමවන්නේ අසමසම වූ දාන පූජාව, අසමසම වූ මහා සංඝයා වෙත පූජා කළ හේතුන්හි මහත් වූ ඵලය වන නිබ්බාන සුවය   ඔබ වෙතට ළඟා කරමිනි.

ගජ තුරඟ සහස්සං - ගෝකුලං භූමි දානං - කනක රජත වස්ත්‍රං - මේදිනිං සාගරන්තං 

උභය කුල පවිත්‍රං - කෝටි කන්‍ය ප්‍රදානම් - න භවති සමතුල්‍යං - අන්න දානප්‍රදානම්

15
DSC 0522
17
DSC 0494
29