බෞද්ධ ජාත්‍යන්තර පාසල

අප පාසල වයස අවුරුදු 6ට වැඩි කුඩා දරුවන්ට නොමිලේ, දේශීය හා ජාත්‍යන්තර විෂයානුබද්ධ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලබා දෙන අර්ධ රාජ්‍ය අධ්‍යාපන ආයතනයකි. 

දරුවක් හැදී වැඩෙන පාසල් පරිසරය, දරුවාගේ ජීවිතයට අසමසම බලපෑමක් ඇති කරන බව අවිවාදිතය. මේ අතර  හෙට දවසේ සුවිශේෂී නායකයින් බිහි කිරීමට නම්, අද දවසේ ඔවුන්ගේ තරුණ මනසට සාරධර්ම, ගුණධර්මවල අගය කියා දිය යුතු අතර තම අධ්‍යාපනික විශිෂ්ටත්වය ළඟා කර ගැනීමට නිසි මඟ පෙන්වීම අත්‍යවශ්‍ය බව අපි විශ්වාස කරමු.  ඒ සදහා අවශ්‍ය වට පරිසරය   අඛණ්ඩව ලබා දීමට අප බැදී සිටින්නෙමු.

සිසුන්ට ඔවුන්ගේ ලෞකික අභිලාෂයන්ගෙන්  ඔබ්බට ගොස් තම අවසාන ඉලක්කය සපුරා ගැනීමට උපකාර කිරීම සඳහා වූ පරිපූර්ණ ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම අපගේ පරම යුතුකමයි.

Monk 1782432 1920 22
DSC 0143
DSC 0003
Monk 1782432 1920 20
Monk 1782432 1920 21