පිරිවෙන් අධ්‍යාපනය

සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඇත. අපගේ ආරාමයේදී එම අයිතිය තහවුරු වීම බැරෑරුම් ලෙස සලකන ලද අතර  පිරිවෙන් ජාතික විෂය මාලාව හරහා තරුණ භික්ෂූන් වහන්සේලාට ව්‍යුහගත අධ්‍යාපනය ලැබීමේ ක්‍රමවේදයන් සලසා ඇත. තවද අධ්‍යයන කාර්ය මණ්ඩලය ඉහළ සුදුසුකම් ලත් උපාධිධාරී සහ පශ්චාත් උපාධි ගුරු මණ්ඩලයකින් සැදුම් ලද්දකි.

පිරිවෙන් අධ්‍යාපනය ලබන සිසුන්ට බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් මෙන්ම අපගේ භාෂා, සාහිත්‍යය, සංස්කෘතිය, සම්ප්‍රදායන්, ඉතිහාසය සහ උරුමයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට උපකාර වන පරිදි පාඩම් සැලසුම් කර ඇත. මෑත භාගයේදී විශිෂ්ට අධ්‍යයන ප්‍රතිඵල පෙන්වමින් දීප ව්‍යාප්ත ප්‍රථම හා දෙවන ස්ථාන ලබා ගැනීමට හැකියාව ලැබීම අපගේ අධ්‍යාපනයේ ඇති ගුණාත්මකබව පිළිඹිබු කරන නොරහසකි.

Ft
IMG 5163
IMG 5164
IMG 5180
IMG 5168
IMG 5185
IMG 5232
IMG 5269
IMG 5243
IMG 5271
IMG 5272
IMG 5284