අපට සහය වන්න

සියලු මනුෂ්‍යයන්ට ප්‍රඥාව, යහගුණය සහ ධෛර්යය තුළින් නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා, ලෝවැසියන්ගේ යහපත වෙනුවෙන් අධ්‍යාත්මික සංවර්ධනය සහ මානව විභවය උපරිමයකට ගොඩනැංවීම පිණිස බලගැන්වීම අපේ අරමුණයි. අප පවතින්නේ හුදෙක් ඒ සඳහායි.

එකිනෙකා සමඟ සම්බන්ධ වෙමින්, ඔවුන් පිලිබඳව දැන හඳුනා ගනිමින් සමාජය පිළිබඳව අන්තර් අවභෝධයක් ජනිත කරවීම සඳහා අප කැපවී සිටින්නෙමු. දැනුම බෙදා ගැනීම, අන් අය කෙරෙහි අනුකම්පාවීම සහ ස්වයංව වර්ධනයවීම තුළින් යහපත් ලෝකයක් ගොඩනැගීමට දායක වියහැකි බව අපි විශ්වාස කරමු. 

අපගේ වැඩසටහන් මානුෂීය සංවර්ධනයේ ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් වන ආධ්‍යාත්මික සහ මානව ශක්‍යතා යන දෙ අංශය කරා විහිදී යයි. 

බෞද්ධ උපදේශන සේවය, සිව්මග දහම් පාසල, ලොව පුරා දහම් පතුරුවීම, ජාත්‍යන්තර භාෂා මධ්‍යස්ථානය, නෝබල් ජාත්‍යන්තර පාසල, මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය සහ රුධිරය දන්දීම යන ක්ෂේත්‍ර අපගේ ක්‍රියාකාරීත්වයට ඇතුළත් වේ.

උපදේශන වැඩසටහන්, වැඩමුළු, සම්මන්ත්‍රණ සහ බලපෑම් කලහැකි ක්‍රියාකාරකම් රැසක් හරහා පුද්ගලයන් බලගන්වා, ඔවුන්ට සතුටුදායක ජීවිත ගත කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට අප කටයුතු කරමු. 

කැපවීමක් සහිත අපගේ ස්වේච්ඡා සේවකයන්ගේ සහ සහායකයන්ගේ ජාලය අපට ලෝකයේ දුරස්ථම කොනකට පවා අපගේ වැඩසටහන් පුළුල් කිරමින් ජීවිතවලට ධනාත්මක බලපෑමක් කිරීමට ඉඩ සලසයි.

අපගේ වැඩසටහන් වලට නිරතුරුව සහය වන ඔබගෙන් ලැබෙන උදාර සහයෝගය නොවිනිනම් මේ කිසිවක් සිදුකිරීම පහසු නොවනු ඇත. 

ලොව පුරා විසිර සිටින අපගේ සේවය අපේක්ෂිත පුද්ගලයන් රැසකට සහයවීමට අපි කැපවී සිටිමු. මිදීම නිව්විම සොයා යන අපගේ ගමනේ සහකරුවෙකු ලෙස ඔබව සාදරයෙන් පිළිගනිමු..

මෙම මෙහෙවර දිගුකාලීනව කරගෙන යාමේදී, අපගේ ගමනේ කොටස්කරුවකු වීමට අපි ඔබට ආරාධනා කරමු. 

මුදල් දායකත්වයෙන් හෝ ඔබේ කාලය ස්වේච්ඡා සේවයට ‍යොමුකරවීමෙන් හෝ අන් පිරිස් දැනුවත් කිරීම උදෙසා ඔබගේ සහයෝගය සැබවින්ම වැදගත් වේ. අපට මෙසේ අප සැම එක්වී හදවත් සහ මනස සුව කරන රිදී තරංගයක් නිර්මාණය කළ හැකි අතර, අන් අයටද  ඔවුන්ගේ හැකියාව අගය කර ගැනීමට මෙන්ම කොන්දේසි විරහිත සතුටකින් පිරි අනාගතයකට දායක වීමේ මාහැඟි අවස්තාව මින් උදාවනු ඇත .

මහා සම්බුද්ධ සාසනයට සේවය කිරීමට ලැබීම අපට මහත් ගෞරවයක් සහ අභිමානයක් ගෙනදෙනු ඇත. සියලු සත්වයන්ට එකම සරණ මහා සම්බුද්ධ සාසනයම බව අපි සලකමු. එහි වටිනාකම සැබවින්ම තේරුම් ගැනීම උදෙසා හැකි තරම් පිරිසකට මෙම අවස්ථාව ලබා දීම අපගේ යුතුකමක් ලෙස අපි සලකමු. එබැවින්, අපගේ අරමුණ තේරුම් ගෙන අපගේ කටයුතු සඳහා හැකි අයුරින් ඉදිරිපත්වන සැවොම අපි සාදරයෙන් පිළිගනිමු.

සමහරුන්ට බොහෝ දේ කළ හැකි අතර අනෙක් අයට කළ හැක්කේ ස්වල්පයක් පමණි. සමහරුන්ට දීමට කාලය ඇති අතර අනෙක් අයට ඔවුන්ගේ ශක්තිය, ඔවුන්ගේ දැනුම හෝ ඔවුන්ගේ ආශිර්වාදය පමණක් ලබා දිය හැකිය. කුසල් පිළිබඳ ඇදහිය නොහැකිම දෙය නම්, එය ලබා දෙන්නා නොව විපාකය තීරණය කරන්නේ චේතනාව වීමයි. 

මේ සඳහා මූල්‍යමය පරිත්‍යාගයකින් හෝ වෙනත් ඕනෑම පරිත්‍යාගයකින් දායක වීමට ඔබට අවස්ථාව ඇත, සම්බුද්ධ ශාසනයට සේවය කිරීමේ උතුම් කාර්යය උදෙසා ඔබේ පරිත්‍යාගශීලී පූජාවන් DOCT වෙත යොමුකිරීමෙන් අපට ඔබ සමඟ එක්ව මේ මාහැඟි පුණ්‍ය ක්‍රියාව පවත්වාගැනීමට හැකිවනු ඇත.

දැන් ඔබ අප කවුරුන්ද, අප කරන්නේ කුමක්ද සහ අප එය කරන්නේ කුමක් සඳහා දැයි දන්නා අතර ධනාත්මක වෙනසක් ඇති කිරීමට සහ අපගේ උපකාරය මත යැපෙන ලොව පුරා බොහෝ ජීවිත සවිබල ගැන්වීමට අපගේ මෙහෙවරට සහාය වීමට කැමති නම්, ඔබට එය කරන්නේ කෙසේද යන්න පිළිබඳ විස්තර ලබා ගැනීමට දැන් අවස්තාව ඇත. එය පහතින් දැක්වෙන පරිදි හෝ අපව කෙලින්ම සම්බන්ධ කර ගැනීමෙන් හෝ සිදු කල හැකිය.

උතුම් රහතුන් වහන්සේලා බිහිවන නුවරක් ඉදිවන වගයි!


For online donations please click Donate

For recurring donations please click Monthly Donation

To offer alms

Account Name :
Dharmayai Obai Punya Bharaya
Account Number :
114061003976
Bank :
Sampath Bank
Bank Branch :
Ingiriya
Swift code :
BSAMLKLX

For all other donations to the Sasana

Account Name :
Dharmayai Obai Punya Bharaya
Account Number :
114061003266
Bank :
Sampath Bank
Bank Branch :
Ingiriya
Swift code :
BSAMLKLX

For the purpose of maintaining records please inform us via email donations@jethavanarama.org when donations are made with either money or dry rations.

Kindly note that donations are accepted only from the upāsakas & upāsikās of Jethavanarama Buddhist Monastery.