සම්බුදු සසුන චිරාත් කාලයකට බලගන්වමින් ලෝ සත්ත්වයන්ට හිතසුව සලසන උතුම් සාසනික මෙහෙවරේ කාය ශක්ති පූජාවයි සාසන දාස.
ආරාමවාසී මහ සංඝරත්නයේ රැකවරණය හා මගපෙන්වීම යටතේ ගොයුම් බුදු සසුනේ පිරී නිවෙන්නට වෙර දරන සිව්වනක් පිරිස උදෙසා සිය දහදිය බිඳුවෙන් ශ්‍රම කඳුළින් සාසනික පූජා සිදු කරගන්නට ඔබට පිරිනැමෙන මහඟු අවස්ථාවක් මේ.
වැව් අමුණු, මංමාවත්, ආවාස, ධර්ම ශාලා සහ දාන ශාලා ආදී සෙනසුන් අවශ්‍යතාවය මෙන් ම, කුඹුරු, හේන්, එළවලු පළතුරු වතු වැනි වගා බිම් අස්වද්දා ආහාර පාන අවශ්‍යතාවය සපුරා, උතුම් සිව්වනක් පිරිසට සිව්පසය පූජා කරගැනීමේ මහා පිංකම් රාශියකට සම්බන්ධ වීමේ වාසනාව පිංවත් ඔබට මෙම වැඩසටහනට හරහා හිමිවේ.
ජේතවනාරාම පුණ්‍යභූමියේ දී මෙන් ම, දඹුල්ල සහ මහව යනාදී ආරාමයට සම්බන්ධ සාසනික ගොවි බිම්වල වගා කෙරෙන, වස විසෙන් තොර, පිරිසිදු එළවලු පළතුරු හා ස්වභාවික ආහාර නිෂ්පාදනය කර, සිව්වනක් පිරිසට සැපයීම සඳහා විධිමත් වැඩපිළිවෙළක්ද මෙම වැඩසටහන හරහා ඔබට හිමිවනු ඇත.
සසුන සශ්‍රික කරමින් පාරමී දම් පුරා ලෝ සත්ත්වයන්ට හිතසුව සලසන මේ උතුම් පුණ්‍ය ගමනට සහභාගී වීමට පිනට ලැදි ඔබ සැමට ආරාධනා කරමු.