උපදේශන වැඩසටහන්

නිරන්තර ගිනි ගෙන දැවෙන හදවත් දාහයෙන් නිවාලන්නට අවශ්‍ය මගපෙන්වීම් ආරාමයෙන් නිරන්තරව සිදු වේ. ඒ අනුව අනාථ නිවාසවල සිටින දරුවන්, රිමාන්ඩ් නිවාසවල සහ බන්ධනාගාරවල සිටින තරුණ තරුණියන්, අපයෝජනයන්ට ලක් වූ කාන්තාවන්, පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ඇබ්බැහි වූවන් මෙන්ම මානසික අවපීඩනය හෝ සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇති පුද්ගලයින් හට අපගේ උපදේශන වැඩසටහන හරහා සහය දැක්වීම් සිදු කරනු ලබයි.

ආරාමයේදී පූර්ව සැලසුම් කළ පුද්ගලික සහ රහස්‍ය උපදේශන ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.. මීට අමතරව, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන්, අපගේ භික්ෂූන් වහන්සේලා සහ අනගාරිකාවන් විසින් රිමාන්ඩ් නිවාස, අනාථ නිවාස සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත නිරන්තරයෙන් වැඩම කර ඔවුන්ගේ ජීවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට හැකියාව ලැබී ඇත.

--- වැඩි විස්තර දැන ගැනීමට පුන්‍යභාරය සමග සම්බන්ධ වන්න (077 333 6274 )  ---

DSC 0384