බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම  

සසර කතර අතරමං ව සැනසීමක් සොයා වෙහෙසුණු දහස් ගණන් හිත්, එදා බුදුන් පාමුල උතුම් සුවය සොයා පැමිණියේ යම් සේ ද, එලෙසින් ම වත්මන් පටාචාරාවන්ටත්, කිසාගෝතමියන්ටත්, යශෝධරාවන් වැනි උතුම් පින් ඇති වනිතාවන්ටත් බුදුන් පාමුල නිවි සැනසෙන්නට මංපෙත් විවර කරමින්, ‘මේ උතුම් ශ්‍රී සම්බුද්ධ සාසනය චිරාත් කාලයක් පවතීවා!’ යන චේතනාවෙන්, ‘සියලු ලෝ සත්ත්වයන් සසර කතරින් එතෙර වේවා!’ යන අධිෂ්ඨානයෙන්, යථාර්ථය අවබෝධ කරගන්නවා යැයි හැඟීමෙන්, ලක්ෂ ගණනින් අරිහත් වහන්සේලා මේ පින්බිමේ පහළ වේවා! යැයි ආශීර්වාදයෙන්, නැගුණා වූ මෙත් කිරණ දහරාවෙන් විශ්ව ධාතුව මොහොතකට නිවි සැනසී ගිය බව නො අනුමාන ය.

අවිද්‍යා අන්ධකාරය හිරු දුටු පිනි බිඳුවක් මෙන් මහා ප්‍රඥා ආලෝකය ඉදිරියේ වියැකී යන බව සත්‍යයකි. එවන් මහා ප්‍රඥාලෝකය නිරන්තරයෙන් සිත් සතන් තුළ ජීවමාන කරමින්, අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදුගුණ සිහිපත් කොට, ජේතවනාරාම විහාරයට අනුබද්ධ අනගාරිකාරාම පුණ්‍ය භූමියේ දී, 2025 පෙබරවාරි මස 28 වැනි සෙනසුරාදා දින සිව්වනක් පිරිසගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ මහා පින්කම දැක බලාගෙන සියලු ලෝ සත්ත්වයෝ මහා පුණ්‍ය ගංගා, කුසල ගංගා රැස් කර ගනිත්වා!

1
1.1
2
3
4
5
6
7
8
9
9 (1)
10
11
12
13
14

පුවත්

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

සසර කතර අතරමං ව සැනසීමක් සොයා වෙහෙසුණු දහස් ගණන් හිත්, එදා බුදුන් පාමුල උතුම් සුවය සොයා පැමිණියේ යම් සේ ද, එලෙසින්...

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

කප්රුක් පූජාව 2026

කප්රුක් පූජාව 2026

කල්පයක් ආරම්භයේ දි පහළ වන්නා වූ වෘක්ෂයක් ලෙසත්, සිතු පැතු සම්පත් ලබා දෙන්නා වූ වෘක්ෂයක් ලෙසත් ‘කල්ප වෘක්ෂය හෙවත්...

News & Alerts