පුනරුත්ථාපන කඳවුර සඟසතු කොට පූජා කිරීම  

තථාගත සාසන උරුමය සොයා පෙළගැසෙන විවිධාකාරී වූ හිත් පරපුරු අතර ආනන්ද, නන්ද, රාහුල මෙන්ම භද්දවග්ගිය කුමාරවරු ආදී රජ සිටු කුල වලින් ද පාරමිතා පූර්ණිත තරුණ පිරිස් එකල නොකැඩී නිරතුරුව ඇදී ආහ. ඒ අතර සෝපාක, සුනීත, අම්බපාලී සහ පටාචාරා ආදී සියලු කුළ මල වලින්ද, විවිධාකාරී වූ ක්ලේෂයන්ගෙන් දුර්වර්ණිතවූ සිත් පරපුරු ද එකලෙසම ඇදී ආහ. 

සියල් ප්‍රාණභූතීන් කෙරෙහි මෙත් සහගතව සිත් මෙහෙයවන ආර්ය ශාසනයක අපූර්වත්වය විහිදුවාලමින්, ඒ ඒ සිත් පෙළීමෙන් මුදවාලීමේ වැඩපිළිවෙලට එළඹීමට සියළුදෙනාට අවස්ථාව සලසා තිබුනි.

මෙවන් ආර්ය සසුනක මහිමය විදහාලමින් ජේතවනාරාම බොදු බිමෙහි ඉදිවූ මෙම සුවිසෙස් ආරාම සංකීර්ණය, ‘නෝබල් ෆ්‍රෙන්ඩ්ස් පුනරුත්ථාපන මධ්‍යස්ථානය’ නමින් මෙසේ සඟසතුකර පූජාකිරීම තුළින්, ශ්‍රී සම්බුදු සසුනක රැකවරණය ඔස්සේ, සත්‍යය නොදැනීම නිසාවෙන්ම නොමග ගිය දැයේ ප්‍රාණ වායුව වූ තරුණ පරපුර, මිදීමේ සහ නිවීමේ මගට යොමුකරවීමට මහත් පිටුවහලක් වනු නොඅනුමානය.

කරුණා නිධානවූත්, අසරණ සරණවූත්, අනාතනාතවූත්, අප මහ සුගත තථාගතයන්වහන්සේගේ සරණ සොයා මෙහි පැමිණ හික්මෙන්නාවූ තරුණ සිත්වලට බුදු ගුණයට අනුගතවීමට උපකාරවීමට මෙම භූමියෙහි පිහිටුවා ඇති සම්බුදු ප්‍රතිමාව නිරාවරණය කර සඟසතුකොට පූජා කිරීම මෙන්ම, දම් සිසිල පතුරවණ බෝධීන්වහන්සේගේ පැලයක් මෙම භූමියෙහි ම රෝපණය කිරීමත් මෙදිනම සිදුවූ වගයි.

නිවීම, මිදීම සහ සැනසීම සොයා මෙම ස්ථානයට පැමිණෙන උතුම් සිත් පරපුරකට, එවන් මඟ සෙවීමට ප්‍රත්‍ය පහසුකම් සපයමින් සහය වූ ඔබ සැමට ඒ හිත් සේම නිවනින් පිරී නිවී යාමට මං පෙත් උදාවේවා!

මෙසේ පියවරින් පියවර විමුක්තිය කරා එවන් හිත් ලඟා වීමේදී නැගෙන්නාවූ අප්‍රමාණ පුණ්‍ය ශක්තිය නිරතුරුව ඔබ සෑම සියළුදෙනාටම අනුමෝදන් වේවා!!!

13
1.2
1
2
3
4
6
7
9
11
10
12

පුවත්

සැතපෙනාවාස කුටි පූජාව

සැතපෙනාවාස කුටි පූජාව 2025

පා සටහනක් හෝ නොතබා තැනින් තැනට ගමන් කරනා හංසයන් සේ ම, තුන්සිවුරු පත්‍රාධාතුවට උරුමකම් කියමින්, තමන්ට යැයි හිමි වූ...

නානඝරය

නානඝරය 2025

අහසින් වැටෙනා එකඳු ජල බිඳක් හෝ සම්බුද්ධ සාසනයේ පරිභෝජයනයෙන් තොර ඉවතට ගලා නොබසිත්වා” යන උතුම් පරමාර්ථය හදේ දරමින්,...

කඨින පුණ්‍යමහෝත්සවය 2025

කඨින පුණ්‍යමහෝත්සවය 2025

මහා ඇතෙකු බැස, මහ වනය සිඳින්නා සේ කෙලෙස් සතුරන් නසමින් සසුන් පිළිවෙත් පුරමින් භික්‍ෂුන්වහන්සේලා සීඝ්‍රයෙන් මග ඵල...

සම්බුද්ධ සාසනය උදෙසා සිදු කෙරුණු උතුම් පුජාවක්

සම්බුද්ධ සාසනය උදෙසා සිදු කෙරුණු උතුම් පුජාවක්

දන් දෙන්නවුන් අතර ද ත්‍යාගශීලීන් අතර ද අග්‍ර වූ, සම්බුද්ධ ශාසනයේ අග්‍රදායක වූ අනාථපිණ්ඩික සිටුතුමාණෝ, එදා බුදුන්...