පා සටහනක් හෝ නොතබා තැනින් තැනට ගමන් කරනා හංසයන් සේ ම, තුන්සිවුරු පත්‍රාධාතුවට උරුමකම් කියමින්, තමන්ට යැයි හිමි වූ නවාතැනක් හෝ නොමැති අල්පේච්ඡ ගති ඇත්තා වූ උතුමන් වැඩ වසන ජේතවනාරාමවිහාරයේ, පසුගිය දිනෙක සඟසතුකොට පූජා වුණු සැතපෙනාවාස ගොඩනැගිල්ල, සියලු භික්ෂූන් වහන්සේලාගේ කායදාහයන් නිවාලමින් උත්තරීතර සුවයට උරුමකම් කියන්නට අවැසි අභය භූමියක් වනු ඒකාන්තයි.
ඉඳින් සම්බුද්ධ සාසනයක් අරමුණුකොටගෙන සිදු වූ , මෙවන් සැතපෙනාවාස කුටි පූජාවෙන් පැන නැගුණු සියලු පුණ්‍ය කුසල ශක්තීන්, ඒ සඳහා සහසම්බන්ධ වූ සියලු උවස-උවැසියන්ගේ උතුම් නිර්වානධාතුව සාක්ෂාත් වීම පිණිස හේතු උපනිශ්‍රයක්ම වෙත්වා!!!