සැබෑ සැනසීම යනු, ජීවිතයේ කුණාටු නොමැතිකම නොව, ඒවා අබියසදීත් අකම්පිත ව සිටීමට ඇති හැකියාවයි. සැබෑ මානසික සුවය ඇති වන්නේත්, සත්‍යය සමාධිය උපදින්නේත්, මනස සම්පූර්ණයෙන් ම නිශ්ශබ්ද වූ විට නොව, අනේකවිධ මානසික වේදනා මධ්‍යයේ වුව ද, හදවත දුකෙන් හා ශෝකයෙන් නිදහස් කිරීමෙන් ය.
2025 ලෝක භාවනා දිනයට ගෞරවයක් වශයෙන්, අපි එක් ව, මෙම අභ්‍යන්තර නිදහස හඹා යාමට රැස් වෙමු. ශ්‍රේෂ්ඨ ගුරුවරුන් විසින් පෙන්වා දී ඇති පරිදි, භාවනාව තුළින්, හටගත්තා වූ ශෝකය සහ මානසික දුක් වේදනාවලින් නිදහස් වූ, නිරාමිස සුවය කරා යන මාවතේ ගමන් කිරීම සඳහා අපි ඔබට මෙත් සිතින් ආරාධනා කරමු.