මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය | අරිය තිඹිරි දම් සභා මණ්ඩපය  

සතර බිත්තියෙන් ඔබ්බට ගිය, උතුම් රහතුන් බිහිකරන්නට සැරසෙන, සතරවරම් දෙවි රජදරුවන්ගේ මුරකාවල් මධ්‍යයේ මේ මොහොතේදීත් ඉදිවෙමින් පවතින ඒ තිස් එක් ලෝක ධාතුවේ මුදුන් මල්කඩ වන් වූ  ආර්ය තිඹිරි ගෙය ලොවට පහළවන්නට මෙසේ පිඹුරුපත් සැකසීම ඇරඹිණි. 

ගෞරව භක්ති ආදරයෙන් යුතුව සකස්කරගත් මුල්ගලත්, අධිෂ්ඨාන බලගැන් වූ සත් දමේ තඹ පතත්  සුරතින් දරාගත් දහස් සංඛ්‍යාත පින්වත් උවස-උවැසියන්ගේ පෙරහැරින් ඇරඹුණු ඒ මුල්ගල තැබීමේ මහා මංගල්‍යය, දිව්‍ය බ්‍රහ්ම මනුස්ස අමනුස්ස නාගාදී කියන්නා වූ භූමාටු තලයේ පටන් අකනිටා බ්‍රහ්ම තලය සිසාරා විහිදුණු මගුල් බෙර සක් හඬ මධ්‍යයේ ඒ සියලු තලයන් හි වසනා සෑම සියලු දෙනාගේ ආශීර්වාද සාදුකාර මල් වරුසා මැදින් අති උත්කෘෂ්ට අන්දමින් මෙසේ සිදු විය.

තමතින් සියතින් දෝතින් කරගත්තා හා සමානාවම සියලු ලෝක සියලු සත්වයෝ මෙවන් වූ මහාර්ඝ පින්කම් දැකබලා සිත් පහදවාගනිමින්,  සතුටු සිත් ඇතිකරගනිත්වා! ඒ සියලු පින් බෙලෙන් සකල කෙළෙසුන් නසනු වස්, ආර්ය තිඹිරි ගෙයිහි උපත ලබමින් ආර්ය කුළයට හිමිකම් කියන උතුම් රහතන්වහන්සේලා ලක්ෂ ගණනින් මේ පුන්‍යභුමියේ පහළ වේවා. සාදු!  සාදු!! සාදු!!!

පුවත්

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

සසර කතර අතරමං ව සැනසීමක් සොයා වෙහෙසුණු දහස් ගණන් හිත්, එදා බුදුන් පාමුල උතුම් සුවය සොයා පැමිණියේ යම් සේ ද, එලෙසින්...

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

කප්රුක් පූජාව 2026

කප්රුක් පූජාව 2026

කල්පයක් ආරම්භයේ දි පහළ වන්නා වූ වෘක්ෂයක් ලෙසත්, සිතු පැතු සම්පත් ලබා දෙන්නා වූ වෘක්ෂයක් ලෙසත් ‘කල්ප වෘක්ෂය හෙවත්...

News & Alerts