සූර්යකෝෂ ශක්ති - ආලෝක පූජාව  

බොහෝ ප්‍රඥාවන් පූර්ණය කළාවූ මුනිවරුන් දේශිත සිව් වේදයන්හී  ‘ධර්මෝ රක්ෂති රක්ෂිතා’ යන්න සඳහන් වෙද්දී කෝටි ලක්ෂයක් සක්වලෙහි සිය ආඥාව විහිදුවා පතුරුවා හල සම්බුදු සුගත තථාගතයන් වහන්සේ ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි’ ලෙසින් දේශනා කළ වදාළේ “මේ උත්තරීතර ධර්මය නමැති ඥාන පදයෝ රක්ෂා කරන්නා, මේ ඥාන පදයෝ විසින් රකිනු ලබයි” යන්නයි. 

 

ප්‍රදීපයන් කෝටියක් දැල්වූවාසේ සක්වල ධාතුව පුරා සදහම් පණිවුඩය රැගත් ප්‍රඥාලෝකය මෙසේ විහිදී පැතිරීගියා සේ, ප්‍රදීපාලෝක පූජාවන් තුළින් ප්‍රඥාවේ ආලෝකය උදාකරගත හැකි බැව් ශ්‍රී සද්ධර්මයෙහි සඳහන් වේ. 


එහෙයින්, “මේ උතුම් සම්බුදු සසුන බැබලේවා! මේ මහා ඥානාලෝකය සියල් සිත්සතන්හී අඳුර නිවමින් දැල්වේවා!” යන ඒකායන අධිෂ්ඨානය නිවන සොයා විරිය මග සරනා, ආරාමයේ බුදුබිම නිවහන කරගත් සිව්වනක් පිරිස් මේ ලෙසින් එකට එක්ව තැබූහ. එවන් අදිටනින් නැගි ප්‍රඥාලෝක ධාරාවන් කෝටි ලක්ෂයක් සක්වල සිසාරා විහිදුවමින්, උත්තරීතර විශ්වීය ඥානය නම් වූ සදහම් ඝෝෂාව සක්වල පුරාවට විහිදුවා  පතුරවාලමින්, ශ්‍රී සම්බුද්ධ සසුන සිරසාභිෂේක කළාවූ දහස් සංඛ්‍යාත සුපින්වතුන්ගේ සහභාගීත්වයෙන් සිදු වූ මේ මහා පූජාවවූ සූර්යකෝෂ ශක්ති - ආලෝක පූජාව තුළින් ජනිත වූ සියලු පින්, අවිඳු අඳුර දුරලා, මාර්ගඵල සංඛ්‍යාත වූ උතුම් ගෞතම සම්බුද්ධ සසුනෙහි පිරී නිවී, අමා මහ නිවනින් සැනසීමට සියලු ප්‍රාණභූතයින්ට මං පෙත් විවර කර ගැනීමට හේතු උපනිශ්‍රයක් ම වේවා!!!

පුවත්

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

සසර කතර අතරමං ව සැනසීමක් සොයා වෙහෙසුණු දහස් ගණන් හිත්, එදා බුදුන් පාමුල උතුම් සුවය සොයා පැමිණියේ යම් සේ ද, එලෙසින්...

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

කප්රුක් පූජාව 2026

කප්රුක් පූජාව 2026

කල්පයක් ආරම්භයේ දි පහළ වන්නා වූ වෘක්ෂයක් ලෙසත්, සිතු පැතු සම්පත් ලබා දෙන්නා වූ වෘක්ෂයක් ලෙසත් ‘කල්ප වෘක්ෂය හෙවත්...

News & Alerts