අනන්ත සසරක් පුරාවට තමන්ට කළා වු අනන්ත උදව් උපකාර සිහිපත් කරමින් කෘතගුණ සැලකීමේ පරමාර්ථයෙන්, අනන්ත සසරක් පුරාවට මිය ගියා වු සියළු ඥාතින් සිහිපත් කරමින් සෑම වර්ෂ අවාසනයකම සිදු කෙරෙන දොළොස් පිරිකර පුජාව මෙවරත් පැවත්වුයේ බොහෝ දෙනෙක්ගේ සසර ගමන කෙටි කරලනු වස් මහා පුන්‍ය ගංගා රැස් කර ගනිමිනි.
මියගිය අයගේ නාමයෙන් විශේෂ ආහාර ද්‍රව්‍ය පූජා කිරීමෙන් පසුව දානමය පිංකමක් සිදුකර, භික්ෂුවකට භාවිතා කළ හැකි සරල ද්‍රව්‍ය කිහිපයක් වන සිවුර, දාන පාත්‍රයක්, ඉඳිකටුවක් සහ නූල්, දැලි පිහියක්, කුඩයක්, සෙරෙප්පු සහ ඇවිදින සැරයටියක් යනාදී අංග දොළොසකින් යුතු පිරිකරක් පිරිනැමීම දුරුලභ වූ පිංකමක් මෙහිදී සිදු වේ.