සම්බුද්ධ සාසනය උදෙසා සිදු කෙරුණු උතුම් පුජාවක්  

දන් දෙන්නවුන් අතර ද ත්‍යාගශීලීන් අතර ද අග්‍ර වූ, සම්බුද්ධ ශාසනයේ අග්‍රදායක වූ අනාථපිණ්ඩික සිටුතුමාණෝ, එදා බුදුන් සමයේ, මහා සංඝරුවනෙහි  රැකවරණය සහ අනුග්‍රහය පිණිස සිය සේසත ම කැප කළෝ ය. එවන් සීහෙළයන්ගෙන් පන්නරය ලද සාසනමාමක බවින් ඔදවැඩුණු වතමන් සම්බුදු සසුනේ උපන් එවන් සිටු දරුවෝ, විස්ටා ඇඟලුම් කම්හල සංඝසතුකොට පූජාකිරීම  තුළින් ඒ උදාර අඩිපාරේ ගමන් කරන්නට සැරසෙති.

ආර්ය මහා සංඝරත්නයේ මතු වර්ධනය සහ පැවැත්මත්, සියලු සිව්පස අවශ්‍යතාවයන් සපුරාලීමත්, සාසනයේ චිරජීවනය උදෙසාත් යන උතුම් සාසනික හැඟීම ඒකායන අරමුනකොටගෙන, මෙම ව්‍යාපාරය ආරම්භයේ පටන් සියලු කටයුතු සඳහා නන් අයුරින් සහයෝගය ලබා දුන් අප දායක කාරක පින්වත් ඔබ සෑම සියලු දෙනා විසින් මේ සියලු පුණ්‍ය ප්‍රත්‍යයෝ  අනුමෝදන් වී උතුම් නිවනින් නිවී සැනසෙත්වා!!!

පුවත්

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

සසර කතර අතරමං ව සැනසීමක් සොයා වෙහෙසුණු දහස් ගණන් හිත්, එදා බුදුන් පාමුල උතුම් සුවය සොයා පැමිණියේ යම් සේ ද, එලෙසින්...

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

කප්රුක් පූජාව 2026

කප්රුක් පූජාව 2026

කල්පයක් ආරම්භයේ දි පහළ වන්නා වූ වෘක්ෂයක් ලෙසත්, සිතු පැතු සම්පත් ලබා දෙන්නා වූ වෘක්ෂයක් ලෙසත් ‘කල්ප වෘක්ෂය හෙවත්...

News & Alerts