වැලි මළු පූජාව  

අනන්ත වූ සසර මංපෙත් නොදැන මුලාවී, අවිදු අඳුරේ ගිලෙමින් අපමණ දුකින් පීඩිතවූ සියලු ලෝ වැසි සත්ත්ව ප්‍රජාව ඉන් මුදාලනුවස් අදින් වසර 2600කට පෙර උදාවූ සුමඟුල් සමයෙහි අප මහා බෝසත් සිදුහත් තවුස් තෙම අපමණ අදිටනින් විදුරසුන් මත වැඩ හිඳ වීරිය වැඩුවේ මේ සංසාර සාගරයෙන් නිදහස් ව අරිය මග සරණා උතුම් සිත් සසර ගින්නෙන් මුදවාලනු පිණිස ම ය. 

සකලවිධ සිත් අමා දම් දියෙන් තෙමාලමින්  බව රෝගයට ඔසු වෙමින් සම්මා සම්බුද්ධත්වයට පත් වූ අනන්ත ජින වූ අප මහමුනිඳුන් සොයාගත් නිමල වූ, මිදෙන නිවෙන සත්‍යයේ පුවත නිදුකානන් වහන්සේට සෙවන දුන්නාවූ උතුම් බෝ මැඩ නිහඬව සාක්ෂි දැරූ බව නිසැකය. එදා බුද්ධත්වය සොයා විරිය වැඩූ තථාගතයන් වහන්සේට කුසතණ අට මිට පූජා කළ සොත්ථිය බමුණන්, කිරිපිඬු දානය පූජා කළ සුජාතා සිටු දියණියන්ගේ පියවර ඔස්සේ පියමනිමින්  අද ඔබ සෑම සියලු දෙනද මෙසේ ආර්යය මර්ගගාමීත්වයේ පිය මනින උතුම් පිරිස් ගන්නාවූ අපරිමිත වීර්යයට සවියක් වෙමින් මහත් පුණ්‍ය ගංගා කුසල ගංගා නගා ගත් වගයි. 

රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බර වූ හිත්වලට උත්තරීතර නිවන ලබාදීම උදෙසා කෙලෙස් තපකර වීතරාගී, වීතද්වේශී, වීතමෝහී ස්වභාවයට පත්කරලීම උදෙසා වෙර දරන උත්තරීතර බිම්කඩ,  ‘වැලි මළුව’ නම්වේ. ඉඳින් මේ, සිව්වනක් පිරිස උදෙසා සිදුකරන ලද වැලි මළු පූජාවට කර උර දී කටයුතු කළ අපගේ පින්වත් ශ්‍රාවක ශ්‍රාවිකා ඔබ සියලු දෙනා ද මේ උත්තරීතර පූජාව සැදැහැ සිතින් ම අනුමෝදන් වෙත්වා...!!! ඒ සියලු පින් සියලු ලෝක සියලු සත්ත්වයන්ගේ නිවන පිණිස ම උපනිශ්‍රය වෙත්වා!!!

DSC 0420

පුවත්

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

සසර කතර අතරමං ව සැනසීමක් සොයා වෙහෙසුණු දහස් ගණන් හිත්, එදා බුදුන් පාමුල උතුම් සුවය සොයා පැමිණියේ යම් සේ ද, එලෙසින්...

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

කප්රුක් පූජාව 2026

කප්රුක් පූජාව 2026

කල්පයක් ආරම්භයේ දි පහළ වන්නා වූ වෘක්ෂයක් ලෙසත්, සිතු පැතු සම්පත් ලබා දෙන්නා වූ වෘක්ෂයක් ලෙසත් ‘කල්ප වෘක්ෂය හෙවත්...

News & Alerts