දානයේ ආනිශංස මැනවින් අවබෝධ කරගත් සිව්වනක් පිරිස, තම ළයේ දුවන රුධිරය පවා දන් දීමට පසුබට නොවන බව පසක් කරමින් ඉංගිරිය ජේතවනාරාමය සහ ජාතික රුධිර පාරවිලයන සේවය එක්ව සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම, මෙවරත් ඉංගිරිය ජේතවනාරාම විහාරස්ථානයේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.
පින් කැමති සියල්ලෝම මෙම උත්තරීතර පින්කම අනුමෝදන් වෙත්වා!